NEWS
Locally refurbished train makes inaugural journey

A special train with nine fully repaired and refurbished compartments made its inaugural journey from Colombo Fort to Ragama on March 31.
Transport and Civil Aviation Minister Nimal Siripala de Silva, Deputy Minister Ashok Abeysinghe and several leading Ministerial and Railway Officials travelled on the train. It left Colombo Fort at 9 a.m. with a full complement of commuters on the route.
The nine compartments were repaired and refurbished under a project to repair and modernise 200 old and disabled 200 compartments launched by the Ministry in keeping with a government budget proposal to grant incentives to local industrialists and uplift them, a Transport Ministry release said.
The 200 compartments to be repaired and refurbished include 140 compartments imported in 1989 and 1992 and removed from use and 60 other compartments belonging to S08 type power sets imported in 1992 and set apart as derelict.
The exterior and interior of the compartments including seats, toilets and accessories were repaired by a local industrial firm named TANTRI, while bogies, brakes, automatic connections were repaired by the mechanical engineering factory of the Railway Department at Ratmalana.
නවීකරණය කළ පළමු නැරඹුම් මැදිරිය පරීක්ෂණ ධාවනයේ

ශ්‍රී ලංකා දුම්රිය සේවය, තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගම හා එක්ව නවීකරණය කරන ලද පළමු නැරඹුම් මැදිරිය පරික්ෂණ ධාවනයේ යෙදවීය.
දුම්රිය මැදිරි නවීකරණය කරමින් දුම්රිය මගී ජනතාව වෙනුවෙන් වඩාත් සැපපහසු සේවාවක් ලබාදීම වෙනුවෙන් දුම්රිය මැදිරි නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
මේ හරහා දුම් මැදිරි 200ක් නවීකරණය කිරීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලාංකික සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිර්මත් සමගින් විදේශයන්ට ඇදී යාමට තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවිය.
නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි

මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.
මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය.
2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.
ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.
එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය.
නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.
මැදිරි 200ක් පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ දුම්රිය මැදිරි 129ක වැඩ අවසන්

මොහොමඩ් ඉමිතියාස් මැදකොළඹ විශේෂ
මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි ට්‍රේලර්ස් පෞද්ගලික සමාගම එක්ව වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි දෙසීය ව්‍යාපෘතියෙන් මැදිරි එකසිය විසි නවයක වැඩ අවසන්ව ධාවනයට එක්කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර මැදිරි පන්සීයක අවශ්‍යතාව සපුරනු පිණිස මූලික අදියරේ මැදිරි දෙසීය නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇතිබව ඔහු පැවසීය. ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගීගමන් පහසුව සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවූ බවද ඔහු පැවසීය. විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරිමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැයවූයේ එ ම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.
එමෙන්ම නවිකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්ත්වයෙන් නිමවා ඇති අතර සියලු නිමවීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවුබවද ඒ මහතා පැවසීය. රුමේනියාවෙන් ආනයනය කර තිබූ අබලන්ව පැවති මැදිරියක් නැරඹුම් මැදිරියක් ලෙස අලුත්වැඩියාකර ඇති අතර එස් අට සහ රුමේනියන් මැදිරි නැවත ප්‍රති සංස්කරණය කොට ධාවනයට එක්කර ඇත.
අලුත්වැඩියා කළ මැදිරි කාර්යාල දුම්රියන්හි අවශ්‍යතාවයන්ට යොදවා ඇති අතර කැළණි වැලි මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයන්හි ධාවන කටයුතු සඳහා ද එක් කර ඇත.
ඡායාරූපය මොහොමඩ්
ඉමිතියාස් මැද කොළඹ විශේෂ
